හැටන් මාර්ගයක් ගිලා බැසීමේ අවධානමක
August 18, 2018 02:38 pm
හැටන් පොලිස් වසමට අයත් ස්ටැඩන් වතු යායට හා වතු නිවාස වලට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ විශාල කොටසක් තේ වත්තක් සමඟ නායයාමේ අවධානමට ලක් වී ඇති බව හැටන් පොලීසිය පවසයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අද (18) උදැසන සිට එම මාර්ගයේ කොටසක් තේ වත්ත සමඟ පහළට ගිලා බැසිමේ අවධානමට ලක් වි ඇති බව හැටන් පොලීසිය කියා සිටියේය.
මෙම ගිලාබැසිම පටන්ගෙන ඇති තේ වත්තට පහළින් මහවැලි ගඟේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයද ගිලා බසි.
මෙම ගිලා බැසිමට ලක් වි ඇති ස්ථානයට මදක් දුරින් හැටන් ඔය ආසන්නයේ එම වතු යායේ තේ කර්මාන්ත ශාලාව සහ වතු නිවාසද පිහිටා ඇත.
මධ්‍යම කඳුකරයට තවදුරටත් අධික වැසි සහ තද සුලං පවතී.