දිවයින අවට මුහුදු ප්‍රදේශ ගැන සැලකිලිමත් වන්න

දිවයින අවට මුහුදු ප්‍රදේශ ගැන සැලකිලිමත් වන්න

August 18, 2018   01:43 pm

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ මට්ටමක තවදුරටත් පවතින බව කාළගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්කතොට හරහා පොතුවිල් දක්වා සහ ත්‍රිකුණාමාමල සිට මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය පැ.කි.මී. 50-60 ක් පමන වන අතර විටින් විට පැ.කි.මී. 70-80 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම මුහුදු ප්‍රදේශ රළු වන අතර විටින් විට ඉතා රළු වි හැකි බවද සඳහන් වේ.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 35-45 ක් වන අතර විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසද එම නිවේදනයේ සඳහන් වේ.