මුදලට යට නොවු මනුස්සකම

මුදලට යට නොවු මනුස්සකම

August 18, 2018   01:16 pm

මොණරාගල මැදගම මාර්ගයක වැටී  තිබු මුදල් තොගයක් එහි අයිතිකරු සොයා යලි භාර දීමේ සත් ක්‍රියාවක් අද(18) මැදගම පොලිස් ස්ථානයේ දී පැවැත්වීනි.

මොනරාගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් මාර්ගයේ ගමන් කරමින් සිටින අතර තුර මාර්ගයේ මුදල්  තොගයක් වැටී තිබෙන අයුරු දැක ඇත.

වැඩි දුරටත් එම ස්ථානය නිරීක්ෂණය කිරිමේ දී මුදල් පසුම්බියක් සහ ජාතික හැදුනුම්පතක්ද හමු වු තිබේ.

පසුව එම පුද්ගලයා මේ පිළිබඳව මැදගම පොලිස් ස්ථානයේ නිලධාරීන් දැනුවත් කර ඇත.

එම ස්ථානයේ සහ මුදල් පසුම්බියේ රුපියල් විසිදෙදහස් පන්සීයක මුදලක් තිබු බව සඳහන් වේ.

අනතුරුව එම මුදල් මැදගම පොලිසිය වෙත ගෙන ගොස් එහි අනන්‍යතාව තහවුරු කර එම මුදල් හිමි පුද්ගලයා වෙත භාර දී ඇත.

මෙම මුදල් තොගය මැදගම ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ වන අතර ඔහු මේ පිළිබඳව පොලිසියට සහ එම මුදල් පසුම්බිය අහුලා පොලිසියට භාර දුන් පුද්ගලයාට ද ස්තුතිය ප්‍රකාශ කර සිටියේය.