ගිවිසුම අත්සන් කරාට පස්සේ කමිටුවලින් වැඩක් නෑ

ගිවිසුම අත්සන් කරාට පස්සේ කමිටුවලින් වැඩක් නෑ

August 18, 2018   01:04 pm

සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටු පත්කිරීමෙන් ඵලක් නොවන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඊයේ(17) කොළඹ පැවති වැඩසටහනක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

පිටු 1083කින් සමන්විත එම ගිවිසුම ඉදිරිපත් කර මාසයක් ඇතුලත පාර්ලිමේන්තුවේ විවාධයට ගත් බවද මන්ත්‍රීවරයෙකුට එය කියවිමටවත් කාලයන් නොමැති වු බවද ඒ මහතා පැවසීය.

මෙම ගිවිසුමෙන් සිදු වන්නේ සිංගප්පුරුවත් සමඟ පමනක් නොවන බවත් ලොක වෙළඳ සංවිධානයේ සම්මුති අනුව බවත් ඒ මහතා පැවසීය.