හොර පාරෙන් විදුලිය ගත් පිරිසකට වැඩ වරදියි

හොර පාරෙන් විදුලිය ගත් පිරිසකට වැඩ වරදියි

August 18, 2018   12:54 pm

 

තොටළඟ හජීමාවත්ත ප්‍රදේශයේ අද (18) අළුයම සිදුකළ වැටලීමකදී නීති විරෝධී ලෙස විදුලිය ලබාගත් පුද්ගලයින් සියයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සහ විදුලිබල මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්ය.

දුලිබල මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරියෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සම්මත ක්‍රමයෙන් බැහැරව ප්‍රධාන රැහැන් මාර්ගයට කොකු සම්බන්ධ කිරීමෙන් මෙලෙස නීති විරෝධීව විදුලිය ලබාගෙන ඇති බවයි.

එම ස්ථානයේ නිවාස 300 ක් තිබූ බවත් සැකකරුවන් 100 කට අධික පිරිසක් අත්අඩංගුවට ගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ලබාගත් විදුලිය සඳහා මාසිකව අය කිරීමක් සිදු කළ බවයි.