ඉරුදින හා පොහෝ දින පැවැත්වෙන උපකාරක පංති තහනම් කිරීමට පියවරක්

ඉරුදින හා පොහෝ දින පැවැත්වෙන උපකාරක පංති තහනම් කිරීමට පියවරක්

August 18, 2018   12:34 pm

 

ඉරිදා දින පස්වරු 2.00 දක්වා සහ පොහොය දිනවල පෞද්ගලික උපකාරක පංති තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරි දින කිහිපයේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වනු ඇති බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

සියලු ආගම්වල ඉල්ලීම පරිදි අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මෙම අදහස් පල කළේය.