ජපාන ආරක්ෂක ඇමති මෙරට සංචාරයට සූදානම් වෙයි

ජපාන ආරක්ෂක ඇමති මෙරට සංචාරයට සූදානම් වෙයි

August 18, 2018   12:11 pm

 

ජපාන ආරක්ෂක අමාත්‍ය ඉෂුනෝරි ඔනඩෙරා මහතා මෙරට සංචාරයක නිරත වීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ඔහු ලබන සදුදා (20) දිනයේ දී මෙරටට පැමිණීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඔනඩෙරා මහතා ඉන්දියාවේ සංචාරයකින් අනතුරුව මෙරටට පැමිණීමට නියමිත බව සඳහන්ය.

ඉෂුනෝරි ඔනඩෙරා මහතා ආරක්ෂක අමාත්යි ධුරයට පත්වීමෙන් අනතුරුව මෙරට සංචාරය කරන පළමු අවස්ථාව මෙය වනවා.

මෙම සංචාරය තුළ දී ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ඇතුළු රජයේ ඉහළ පෙලේ නිලධාරීන් මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතය.

මීට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා ජපානයේ සහය ලබාදීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මේ අතර ජපාන ආරක්ෂක අමාත්‍යවරයා මෙරට ක්ෂේත්‍ර චාරිකාවක් සිදුකිරීමට ද සැලසුම් කර තිබේ.

ඒ අනුව ඔහු හම්බන්තොට වරායේ සංචාරයක නිරතවීමට නියමිත බව ජපාන මාධ්‍ය  උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.