ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවා ගත් ආණ්ඩුවක් 3වන සංවස්තරය සමරනවා

ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවා ගත් ආණ්ඩුවක් 3වන සංවස්තරය සමරනවා

August 18, 2018   12:03 pm

වත්මන් ආණ්ඩුව ගතවූ වසර තුන තුළ රට ආර්ථික, දේශපාලන සහ සාමාජයීය වශයෙන් අස්ථාවර කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා පව​සයි.

ඊයේ (17) ගාල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතින් හකුලවාගෙන මැතිවරණ දින නියමයකින් තොරව කල් දමමින් සිටින බවද මන්ත්‍රීවරයා එහිද පැවසීය.

අර්ථික අපගමනයක්වුත් අස්ථාවරවුත් ආණ්ඩුවක තුන්වන සංවත්සරය සැමරිමට සුදානම් වන බවද මන්ත්‍රිවරයා එහිද වැඩිදුරටත් පැවසීය.