නවක වද සිද්ධියකට වේයන්ගොඩ සිසුන් පිරිසක් අත්අඩංගුවට

නවක වද සිද්ධියකට වේයන්ගොඩ සිසුන් පිරිසක් අත්අඩංගුවට

August 18, 2018   11:38 am

 

නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් වේයන්ගොඩ ප්‍රදේශයේ උසස් තාක්ෂණ ආයතනයක සිසුන් පිරිසක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 අදාළ උසස් තාක්ෂණ ආයතනයේ පළමු වසර සිසුන් දෙදෙනෙකුට නවක වදය ලබාදීමට විරුද්ධවීම හේතුවෙන් සිසුන් පිරිසක් එම ආයතනයේ පළමු හා දෙවන වසරේ තවත් සිසුන් පිරිසකට  පහරදී තිබේ.

පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ සිසුන් ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් නේවාසිකව ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බව සඳහන්ය.

 මේ සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසියට ලද පැමිණිල්ලකට අනුව අදාළ පහරදීම සම්බන්ධයෙන් එම උසස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලබන සිසුන් 11 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඔවුන් ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.