ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ නව අගමැති ලෙස දිවුරුම් දෙයි
සයුරෙන් එතෙර

ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ නව අගමැති ලෙස දිවුරුම් දෙයි

August 18, 2018   11:18 am

පාකිස්ථානයේ නව අග්‍රාමතවරයා ලෙස ඉම්රාන් ඛාන් දිවුරුම් දී තිබේ.

ඉස්ලාමාබාද් නුවර පිහිටි පාකිස්ථාන ජනාධිපති මන්දිරයේදී දිවුරුම්දීමේ උත්සවය පැවති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළේය. 

පසුගියදා පැවති පාකිස්ථාන මහ මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ පී.ටි.අයි.පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් හිමිකර ගනිමින් ජයග්‍රහණය කරනු ලැබීය.

ඒ අනුව නව පාර්ලිමේන්තුව පසුගිය 13 වැනිදා රැස්වූ අතර එහිදී නව කතානායකවරයෙකු සහ නියෝජ්‍ය කතානායකවරයෙකු පත් කරගැනීම සිදුකෙරිණි.

මීට අමතරව නව පාර්ලිමේන්තුව සඳහා බලතල පැවරීම ද එදින සිදුවු අතර ඉම්රාන් ඛාන්ගේ පී.ටි.අයි.පක්ෂයට නව පාර්ලිමේන්තුවේ හිමිවන ආසන සංඛ්‍යාව 125කි.