වීසා නැතුව ගරාජයක වැඩ කළ බංග්ලාදේශ ජාතිකයාට වැඩ වරදියි

වීසා නැතුව ගරාජයක වැඩ කළ බංග්ලාදේශ ජාතිකයාට වැඩ වරදියි

August 18, 2018   10:38 am

 

වීසා නොමැතිව මෙරට රැදී සිටි බංග්ලාදේශ ජාතිකයෙකු වරකාපොල, තුල්හිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

තුල්හිරිය ප්‍රදේශයේ ගරාජයක සේවය කරමින් සිටියදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.

 අත්අඩංගුවට ගත් සැකකරු අද (18) වරකාපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වරකාපොල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.