කජු දැව අස්සේන් කොහොඹ කඳන් මතුවෙයි

කජු දැව අස්සේන් කොහොඹ කඳන් මතුවෙයි

August 18, 2018   10:17 am

 

කජු දැව රැගෙන යන මුවාවෙන් කොහොඹ දැව කඳන් නීති විරෝධීව ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සහ එහි රියදුරුව වනාතවිල්ලුව පොලිසිය මගින්  අද (18) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

 කාලයක් තිස්සේ නීති විරෝධී අයුරින් බලපත්‍ර නොමැතිව රහසේ සිදු කරමින් තිබු මෙම කොහොඹ දැව ජාවාරම වනාතවිල්ලුව පොලිසියේ දුෂණ මර්ධන අංශයට ලැබුන තොරතුරක් මත වටලා තිබිණි. 

වනාතවිල්ලුව හා ආසන්න ගම්මාන වල කජු දැව රැගෙන යන මුවාවෙන් කිසිඳු බලපත්‍රයක් නොමැතිව නීති විරෝධි ලෙස කලක පටන් කොහොඹ දැව කඳන් ප්‍රවාහනය කර ඇති බව පොලිසිය පවසයි.

මෙම ලොරි රථය වනාතවිල්ලුව 12 කනුව බවුම මාර්ගයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ලොරි රථයේ පිටතට කජු දැව පෙනෙන ලෙස අට්ටි සකස් කර තිබුනද  ලොරිය මැද සම්පුර්ණයෙන්  කොහොඹ කඳන් වලින් පුරවා තිබු බවත් අත්අඩංගුවට ගැනිමෙන් පසු පරික්ෂා කිරිමේදි කොහොඹ කදන් 78 ක් පොලිස් නිළධාරින් සොයා ගෙන තිබිණි.

 එසේම ඹෟෂධ ඝණයට අයත් කෙහොඹ ශාකය කිසිඳු නිත්‍යානුකුල අවසරයකින් තොරව කැපිම බරපතළ වරදක් බවද වැටලිම සිදුකල පොලිස් නිළධාරින් පවසයි. 

අත් අඩංගුවට ගත් ලොරිය වනාතවිල්ලුවේ සිට වෙන්නප්පුවේ උළු මෝල් වලට කජු දර ප්‍රවාහනය කරන බවත් කොහොඹ දැව කදන් ලි මොල් සදහා අලේවි කරන බවටත් පරික්ෂණ වලන් සනාථ වී තිබේ. 

අත්අඩංගුවට ගනු ලැබු සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි. 

වනාතවිල්ලුව සහකාර පොලිස් අධිකාරි ජයන්ත නානායක්කාර මහතාගේ උපදෙස් මත වනාතවිල්ලුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් වතුලියද්ද මහතාගේ ය මෙහෙය විමේන් වනාතවිල්ලුව පොලිසියේ දුෂණ මර්ධන අංශ‍යේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ගයාන් පෙරේරා මහතා සමග පොලිස් කොස්තාපල් වරුන් වන 28180 ඉලංගසිංහ, 50022 රාජකරුණා , 37539 විජේසිරි, 37637 කුමරන්  යන නිළධාරින් වැටලිමට එක්ව තිබිණි.