අපදාවට පිහිට වෙන්න ගිය අපදා රථයේ රියදුරු අනතුරකින් මරුට

අපදාවට පිහිට වෙන්න ගිය අපදා රථයේ රියදුරු අනතුරකින් මරුට

August 18, 2018   09:05 am

 

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ආපදාවකට ලක්වූ මෝටර් රථයක් ආපදා රථයකින් රැගෙන යාමට සූදානම් කර තිබියදී තවත් මෝටර් රථයක් ආපදාවට ලක්වූ මෝටර් රථයේ රියදුරුගේ සහ ආපදා රථයේ රිය සහයකගේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

අනතුරෙන් තුවාල ලැබූවන් ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දි ආපදාවට ලක්වූ මෝටර් රථයේ රියදුරු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි අයෙකි.

අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහබාගේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.