මලික් කොළේ වහපු හැටි බන්දුල කියයි
August 10, 2018 07:34 pm
සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමේ තීරු බදු නිදහස් කෙරුණු ගැසට් නිවේදනය ජනතාව නොමඟ යවමින් සකස් කළ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දු ගුණවර්ධන මහතා පවසයි.
අද(10) පාර්ලීමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
සිංගප්පූරු වෙළඳ ගිවිසුම නිත්‍යානුකූල නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙම ගිවිසුමේ ගැසට් පත්‍රයේ උඩින් කොළයක් අලවලා ඇති බවත් එම කොළය ඉවත් කළ විට තමයි සිංගප්පූරු ගිවිසුම ඇති බවත්ය.
සිංගප්පූරු ගිවිසුමේ එක් ගැසට් පත්‍රයක් වත් මන්ත්‍රීවරුන්ට ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දු ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ඇති ජෛව විවිධත්ව සිංගප්පූරු ගිවිසුම මඟින් පවා දී ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.