සිංගප්පූරු වෙළඳ ගිවිසුමේ ගැටලු ඇත්නම් සොයා බලනවා

සිංගප්පූරු වෙළඳ ගිවිසුමේ ගැටලු ඇත්නම් සොයා බලනවා

August 10, 2018   06:45 pm

සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමේ ගැටලුකාරී තත්ත්වයන් ඇත්නම් ඒ පිළිබඳව සොයා බැලීමට සූදානම් බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ(10) කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. 

මේ අතර අපි ගෝලියකරණය විය යුතුනම් අපි ගෝලීය වෙළඳපොළ ඇතුළත් විය යුතු බවත් ජී.එස්.පි ප්ලස් තුළින් ඊට ඇතුළු වීමට අවස්තාව උදා වු බව අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙයි.

2018 ශ්‍රී ලංකා ජාතික වාණිජ කර්මාන්ත සම්මාන උළෙල ඊයේ රාත්‍රීයේ කොළඹදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ය.