කමලා හසන්ගේ නවතම චිත්‍රපටය දැන් තිරගත වෙයි
සයුරෙන් එතෙර

කමලා හසන්ගේ නවතම චිත්‍රපටය දැන් තිරගත වෙයි

August 10, 2018   05:49 pm

ඉන්දීය සුපිරි නළු කමලා හසන් රගන නවතම සිනමාපටයේ තිරගත කිරීම් අද(10) ආරම්භ කෙරුණි.

සිනමා රසිකයින් අපේක්ෂාවෙන් සිටි ක්‍රියාදාම චිත්‍රපටයක් වන විශ්වරූපම් සිනමාපටයේ දෙවැනි කොටස තිරගත කිරීම ආරම්භ කෙරුණි.

සිනමාපටය නැරඹීම සඳහා දහස් සංඛ්‍යාත කමලා හසන්ගේ රසිකයන් සිනමාහල් අසල රැස්කමින් සිටි බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

2014 දී තිරගත වූ විශ්වරූපම් සිනමාපටයේ පළමු කොටස මූල්‍යමය වශයෙන් අතිශය සාර්ථකත්වයක් අත්පත් කරගත්තේය.

රාහුල් බෝස්, පූජා කුමාර්, ඇන්ඩ්‍රියා ජෙරමියා සහ ශේකර් කපූර් රංගනයෙන් දායක වන මෙම සිනමාපටයත් බොක්ස් ඔෆීස් වාර්තා අලුත් කරනු ඇති බව අපේක්ෂාවයි.

කෙසේ නමුත් විශ්වරූපම් දෙවැනි සිනමාපටයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් පරස්පර විචාරක මත මේ වනවිටත් පළවී තිබේ.