එළෙඹන 12 දා සිට කාලගුණයත් වෙනස් වෙයි

එළෙඹන 12 දා සිට කාලගුණයත් වෙනස් වෙයි

August 10, 2018   04:46 pm

අගෝස්තු මස 12වනදා සිට දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග කොටසේ, වැසි තත්ත්වයේ සහ සුළං වේගයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේනතුව නිවේදනය කරයි.

වයඹ පළාතේ සිහින් වැසි ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ කළුතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තව දුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ජලාශ රැසක් පිටාර මට්ටමට ආසන්න  වී ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

කාසල්රි , මවුස්සාකැලේ සහ ඉහළ කොත්මලේ යන ජලශ මෙසේ පිටාර මට්ටමට ආසන්න වි ඇති බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

පවතින අධික වර්ෂාවත් සමඟ හැටන් නුවරඑළිය  සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩ වැටිමේ අවධානමක් පවතින නිසා එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

පවතින අධික වර්ෂාවත් සමඟ ඩෙවොන් දිය ඇල්ලේ  පහලට ගලා බසින ජල ධාරිතාව සහ සැඩ පහර  ඉහළ ගොස් තිබේ.