දුම්රිය 9 ක් අද හවස කොළඹින් පිටත් වෙයි

දුම්රිය 9 ක් අද හවස කොළඹින් පිටත් වෙයි

August 10, 2018   04:20 pm

දුම්රිය 09 ක් අද (10) පස්වරුවේ ධාවනයේ යෙදවීමට පියවර ගන්නා බව රජයේ දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ කොටුවේ සිට මෙම දුම්රිය ගමන් වාර 7ක් ගමන් අරඹන අතර, තවත් දුම්රිය 2ක් මරදාන දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව පස්වරු 3.55 ට අනුරාධපුරය, පස්වරු 4.35ට මහනුවර, පස්වරු 5.00 ට හලාවත, පස්වරු 5.15ට රඹක්කන, පස්වරු 5.20ට අවිස්සාවේල්ල, පස්වරු 6.00 ට මහව, පස්වරු 6.10 හලාවත ට කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹයි.

ඒ අනුව පස්වරු 4.45 ට මාතරට හා පස්වරු 5.30ට ගාල්ලට මරදාන දුම්රිය ස්ථානයෙන් දුම්රිය දෙකක් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.