ලස්සන පිරිමි ළමයි ලංකාවට ගෙන්නේ කාගේ උවමනාවට ද?

ලස්සන පිරිමි ළමයි ලංකාවට ගෙන්නේ කාගේ උවමනාවට ද?

August 10, 2018   04:04 pm

තායිලන්තයේ සිටි වීසා නොමැතිව පුද්ගලයින්ව මෙරටට ගෙන්වීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමේ සැලැස්මක් ඇති බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

අද(10) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ගිවිසුම අත්සන් කිරීම මඟින් තායිලන්තයේ සිටින පිරීමින් මෙරටට ගෙන්වීමේ අරමුණක් ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.