මධ්‍යම කඳුකරයට තද වැසි - ජලාශ රැසක් පිටාර මට්ටමේ
August 10, 2018 04:02 pm
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තව දුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ජලාශ රැසක් පිටාර මට්ටමට ආසන්න වී ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.
කාසල්රි , මවුස්සාකැලේ සහ ඉහළ කොත්මලේ යන ජලශ මෙසේ පිටාර මට්ටමට ආසන්න වි ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.
පවතින අධික වර්ෂාවත් සමඟ හැටන් නුවරඑලිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩ වැටිමේ අවධානමක් පවතින නිසා එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
පවතින අධික වර්ෂාවත් සමඟ ඩෙවොන් දිය ඇල්ලේ පහලට ගලා බසින ජල ධාරිතාව සහ සැඩ පහර ඉහළ ගොස් තිබේ.