පොකුණු නවයකට මත්ස්‍ය පැටුවුන් මුදා හරියි

පොකුණු නවයකට මත්ස්‍ය පැටුවුන් මුදා හරියි

August 10, 2018   09:47 am

 

වතු කම්කරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම සඳහා ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරිය මඟින් ආරම්භ කර ඇති වතු පොකුණු ජලාශවලට මිරිදිය මත්ස්‍ය පැටවුන් මුදා හැරිම ව්‍යාපෘතිය යටතේ ගිෆ්ට් තිලාපි මත්ස්‍ය ඇගිල්ලන් අටදහසක් ඊයේ (09) හැටන් පොලිස් වසමට අයත් හැටන් විග්ටන් වතුයායේ ඉදිකර තිබෙන පොකුණු ජලාශ නවයකටය මුදා හැරුණු ලැබුහ.

ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරිය කාර්යයාලය යටතේ පාලනය වන දඹුල්ල මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද මත්ස්‍යය පැටවුනුයි මෙසේ පොකුණු ජලාශවලට මුදා හරිනු ලැබුවේ.

මෙ ව්‍යාපෘතිය යටතේ තේ වතු ආශ්‍රිතව තිබෙන පොකුණු සහිත ජලාශවලට මිරිදිය මත්ස්‍ය පැටවුන් මුදා හැරිමේ ව්‍යාපෘතිය යටතේ ගත වු දින කිහිපය තුල එම වතුයායේ පොකුණු ජලාශවලට මත්ස්‍ය පැටවුන් දහ අටදහසක් මුදා හැර ඇති බවයි ජතික ජලජ ජිවි වගා  සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යයාලයේ ව්‍යාපෘති නිලධාරි බුද්ධික කුෂාන් මහතා පැවසිය.

වතු ජලාශවලට මත්ස්‍ය පැටවුන් මුදා හැරිමේ ව්‍යාපෘතිය යටතේ එම වතු වල වතු කම්කරුවන්ගේ සමාජිකත්වයෙන් මිරිදිය ධිවර සමිති පිහිටවා එම සමිති වලින් එම පොකුණුවලට මුදා හරින මත්ස්‍ය පැටවුන් ඇති කිරිමට කටයුතු කර ඇත.

මත්ස්‍ය වගාවට අමතරව එම භුමියේ එම ධිවර සමිති මගින් පරිසර හිතකාමි ලෙස එළවළු වගාවද අමතර ආදායමක් ලෙස සාර්ථකව  සිදු කරනු ලබයි.

එම ජලාශවලට මුදා හැරි මත්ස්‍ය පැටවුන් මාස 6  වැනි කාලයක් තුල කිලෝ 1 ත් 1 ½ ත් අතර වැඩෙන බවත්, එම ජලාශවලට මුදා හැර ඇති මත්ස්‍ය පැටවුන්ගේ අස්වැන්න එම වතු වල පදිංචි වතු කම්කරුවන්ට බෙදා දිමට කටයුතු කර ඇති බව ජතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරින් වැඩි දුරටත් කියා සිටියේය.

මෙම මත්ස්‍ය පැටවුන් මුදා හැරිමේ අවස්ථාවට වතු අධිකාරිවරයා ඇතුළු මිරිදිය ධිවර සමතියේ සමාජිකයන් විශාල පිරිසක් සහභාගි වුහ.