හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
August 9, 2018 04:37 pm
නීති විරෝධී හෙරොයින් මිලි ග්රෑම් 410 ක් සමඟ සැකකරුවෙක් හැටන් නගරයේදී හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
හැටන් ප්රදේශයේ අලෙවි කිරීම සඳහා රැගෙන විත් සිටිය දී සැකකරු සමඟ මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හැටන්, කුඩාගම ප්රදේශයේ පදංචිකරුවෙකි.
සැකකරු අද (09) හැටන් මහේස්ත්රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබුණි.
හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කළහ.