ලකුණු 48ක ජයක් බංග්ලාදේශයට

ලකුණු 48ක ජයක් බංග්ලාදේශයට

July 23, 2018   11:14 am

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරඟයෙන් ලකුණු 48ක ජයක් හිමිකර ගැනිමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වීය.

තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් පමණක් බිදවැටී ලකුණු 279ක් ලබා ගැනිමට සමත් වුණි.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් තමීම් ඉක්බාල් නොදැවී ලකුණූ 130ක් ලබා ගත් අතර ශකිබ් අල් හසන් ලකුණු 97ක් ලබා ගැනිමට සමත් විය.

 ජයග්‍රාහි ඉලක්කය හඹා ගිය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ ලබා ගත හැකි වුයේ ලකුණු 231ක් පමණයි.

බටහිර ඉන්දීය කොදෙව් වෙනුවෙන් ෂිම්රන් හෙට්මයර් ලකුණු 52ක් සහ ක්‍රිෂ් ග්‍රේල් ලකුණු 40ක් ලබා ගත්තේය.