කළු ගඟ රන් දියවර ජනපති අතින් මුදා හරි
July 23, 2018 11:03 am
මොරගහකන්ද, කළුගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ කළුගඟ ජලාශයේ ජල පිරවීම අද (23) පළමු වරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
කළුගඟ ලග්ගල, පල්ලේගම ප්‍රදේශයෙන් හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය කෙරෙන අතර ජලාශයේ ධාරිතාව ඝණමීටර් දස ලක්ෂ 248ක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ජලාශයෙන් කළුගඟ පහල නිම්න ප්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3000ක් සදහා ජලය සැපයෙන බව සඳහන්ය.
ජලාශයේ ජල පිරවුම් මංගල්‍යයට අමතරව අද දිනයේ මොරගහකන්ද, කළුගඟ ජලාශ සම්බන්ධ කෙරෙන උමං සහිත ඇල මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි.