වන අලි පහරදීමකින් කාන්තාවක් මිය යයි

වන අලි පහරදීමකින් කාන්තාවක් මිය යයි

July 23, 2018   10:31 am

මින්නේරිය, සිංහ උදාගම ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇත.

තඹලවැව රක්ෂිතයේදී අදාල කාන්තාව වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පැවසීය.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබු අදාල කාන්තාව පොලොන්නරුව රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බව සඳහන් වේ.

මියගොස් ඇත්තේ තඹලවැව ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි කාන්තාවක්.

මෘත ශරිරය පොලොන්නරුව රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද(23) සිදු කිරිමට නියමිතය.