කොම්පඤ්ඤවිදීයේ හදිසි ගින්නක්
July 23, 2018 08:17 am
කොම්පඤ්ඤවිදීය, යුනීයන් පෙදෙස ප්‍රදේශයේ පිහිටි වෙළඳ සැලක හදිසි ගින්නක් හටගෙන ඇත.
ඊයේ (22)රාත්‍රී 11.45ට පමණ අදාල ගින්න හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.
ගිනි නිවන ඒකකයේ නිළධාරින් සහ පොලිසිය එක්ව ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බව පොලිසිය සදහන් කළේය.
කොම්පඤ්ඤවීදිය පොලිසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.