කළු ගඟ රන් දියවර මංගල්‍යය අද
July 23, 2018 06:56 am
මොරගහකන්ද, කළුගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(23) පැවැත්වෙයි.
කළුගඟ ලග්ගල, පල්ලේගම ප්‍රදේශයෙන් හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය කෙරෙන අතර ජලාශයේ ධාරිතාව ඝණමීටර් දස ලක්ෂ 248ක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ජලාශයෙන් කළුගඟ පහල නිම්න ප්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3000ක් සදහා ජලය සැපයෙන බව සඳහන්ය.
ජලාශයේ ජල පිරවුම් මංගල්‍යයට අමතරව අද දිනයේ මොරගහකන්ද, කළුගඟ ජලාශ සම්බන්ධ කෙරෙන උමං සහිත ඇල මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි.
මෙම ඇල මාර්ගය හරහා කළුගඟේ ජලාශයේ ජලය තත්ත්පරයකට ඝණ මීටර් 35ක් මොරගහකන්ද ජලාශයට ගමන් කෙරෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතියේ ඉහළ ඇළහැර ඇළ මඟින් මහකනදරාව දක්වා ගෙන යන ජල ප්‍රමාණය හා ඉපැරණි අඹන්ගඟ යෝධ ඇළ හරහා මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ දක්වා ගෙන යන ජල ප්‍රමාණය තවදුරටත් වර්ධනය වන අතර එමඟින් එම ප්‍රදේශවල කෘෂිකාර්මික සංවර්ධනය තවදුරටත් පුළුල්වන බව සඳහන්ය.
මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතිය මඟින් මෙගා වොට් 25ක විදුලි බල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතයි.
මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට බහුකාර්ය ව්‍යාපෘතියකින් ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25ක් එක් කෙරෙන පළමු අවස්ථාව මෙය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.