වන අලි රංචුවක් මාන්කුලම මාර්ගයේ ගමනා ගමනයට බාධා කරපු හැටි
July 23, 2018 06:48 am
මුලතිව් සිට මාන්කුලම දක්වා දිවෙන ප්රධාන මාර්ගය හරහා අලි රංචුවක් ගමන් කිරීමට පැමිණීම හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වු බව මුලතිව් ප්රදේශවාසීන් පවසයි.
ප්රදේශවාසීන් පැවසූවේ අලි දස දෙනෙකුගෙන් පමණ යුතු රංචුවක් ඊයේ(22) සවස මාර්ගය හරහා නෙඩුන්කේනි රක්ෂිතයේ සිට මාන්කුලම රක්ෂිතය සෙකට ගමන් කිරීමට පැමිණ මාර්ගය ආසන්නයේ නැවති සිටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු වෙනුවෙන් පැයකට ආසන්න කාලයක් බාධා එල්ල වි පැවති බවයි.
නෙඩුන්කේනි රක්ෂිතයේ ජිවත්වු අලි රංචුවක් පවතින නියඟය හමුවේ ජලය සොයාගෙන මාන්කුලම හරහා ඉරණමඩු වැව දෙසට ගමන් කරන්නට ඇති බවද ප්රදේශවාසීන් සඳහන් කරයි.
ප්රදේශයට පවතින වියළි කාළගුණ තත්ත්වය හේතුවෙන් කැළැවන් තුළ ජල මුලාශ්ර රැසක් සීදි ගොස් ඇති බැවින් ජලය සොයාගෙන වල් අලි වර්තමානයේ ගම්වැදීමට පටන්ගෙන ඇති බවද ප්රදේශයේ ජනතාව සඳහන් කළේය.
වල් අලි රංචුව තුළ වැඩුණු අලි හා කුඩා අලි කිහිපදෙනෙකු සිටි බවද ප්රදේශවාසීන් පැවසීය.
මුලතිව් ප්රදේශවාසීන් පැවසූවේ පසුගිය සමයේ වෙනත් ප්රදේශවලින්ද මුලතිව් නෙඩුන්කේනි හා ඔඩ්ඩුසුඩාන් රක්ෂිත වෙත අලි ගෙනැවිත් දමා ඇති බවයි.
ප්රදේශයේ පවතින වල් අලි කරදරය නවතාදීමට ජනාවාස ප්රදේශ ආවරණය වන ලෙසට අලි වැටක් ඉදිකරදෙන ලෙසද ප්රදේශයේ ජනතාව ඉල්ලා සිටිති.