අසරණ වූ නාදුනන කාන්තාවක් පාළු සොහොනක
July 23, 2018 06:13 am
වයස අවුරුදු 70 ක් පමණ වන නාදුනන කාන්තාවක්ව කිසියම් අයෙකු විසින් මාදම්පේ - පනිරෙන්දාව පොදු සුසාන භූමියට ගෙනවිත් දමා තිබියදී ගම්වාසීන් විසින් දැක ඇයව මාදම්පේ පොලීසියට බාර දීමට කටයුතු කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ඊයේ(22) දහවල් සුසාන භූමියේ ඇති පාළු ගොඩනැගිල්ලක් තුළ කාන්තාවක් සිටිනවා දැක ඇති අයෙකු විසින් ඒ බව පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.
පසුව මාදම්පේ පොලීසිය සහ ප්රදේශයේ ග්රාම නිලධාරිණිය පැමිණ ඇයගෙන් තොරතුරු විමසීමක් කරන ලදි.
තමන්ව කිසියම් අයෙකු විසින් යතුරු පැදියකින් ගෙනවිත් දමා ගිය බව ඇය පවසන නමුත් ඒ කව්රුන්ද යන්න හෙලි කර නැත.
ඇයගේ ශරීරයේ ඇඳුම් පවා නිසි පරිදි තිබී නොමැති අතර ආහාර ගැනීමක් සිදු කර නොමැති බවද දක්නට ලැබුණි.
ගම්වාසීන් විසින් ඇයට අවශ්යස ඇදුම් පැළදුම් සහ ආහාර සැපයීමද සිදු කරන ලදි.
සුසාන භූමියේ ඇය සිටි ස්ථානයේ තිබී රුපියල් 70 ක මුදලක් සහ මල පහ වීම නිසා ඉවත් කරන ලද ගවුමක්ද දක්නට තිබුණ අතර පසුව මාදම්පේ පොලීසියේ නිලධාරීන් විසින් එම කාන්තාව ගල්මුරුව ප්රදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කරන ලදි.
මෙම කාන්තාව කාගේ කව්රුන්ද? ඇය සුසාන භූමිය ගෙනවිත් දැමුවේ කව්රුන්ද යන්න සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය විමර්ශණ කටයුතු කරගෙන යයි.