යාපනය කොළඹ දිස්ත්‍රික්කයේ යටත් විජිතයක් නෙවෙයි

යාපනය කොළඹ දිස්ත්‍රික්කයේ යටත් විජිතයක් නෙවෙයි

July 22, 2018   09:05 pm

යාපනය දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කයේ යටත් විජිතයක් නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

යාපනය දිස්ත්‍රික්කය ද ශ්‍රී ලංකාවේ කොටසක් බැවින්  එම දිස්ත්‍රික්කයට සිදුවන අසාධාරණකම් නිවැරදි කරගනිමින් ඉදිරියට යාමේ අවශ්‍යතාව පවතින බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

උතුරු පළාත් ස්වෙච්ඡා ගුරුවරුන්ට ගුරුපත්වීම් ලබාදීම වෙනුවෙන් යාපනයේ පැවති උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළේය.