වත්මන් ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු වෙනුවට තම අරමුණු ඉටු කර ගන්නවා

වත්මන් ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු වෙනුවට තම අරමුණු ඉටු කර ගන්නවා

July 22, 2018   08:35 pm

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හදුන්වාදීම ප්‍රමාද වන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.

 මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීම වෙනුවට දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවය.

කෑගල්ල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රිවරයා මෙම අදහස් පල කළේය.