කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන්
July 22, 2018 08:23 pm
මොරගහකන්ද, කළුගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (22) පැවැත්විමට නියමිතයි.
ජලාශයේ ජල පිරවුම් මංගල්‍යයට අමතරව මොරගහකන්ද, කළුගඟ ජලාශ සම්බන්ධ කෙරෙන උමං සහිත ඇල මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.