ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල වාර්ෂික ණය පොලී අනුපාතය සියයට 30ක් දක්වා සීමා කරන්න නව නීති

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල වාර්ෂික ණය පොලී අනුපාතය සියයට 30ක් දක්වා සීමා කරන්න නව නීති

July 22, 2018   07:32 pm

 

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල වාර්ෂික ණය පොලී අනුපාතය සියයට 30ක් දක්වා සීමා කිරීමට නව නිති ගෙන එන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඊට අදාළ යෝජනාව ලබන අඟහරුවාදා රැස්වන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා පවසයි.

ක්ෂුද්‍ර  මූල්‍ය ණය පොලී අනුපාතය දැනට සියයට 40යේ සිට සියයට 220ක් පමණ දක්වා ක්‍රියාත්මක වන අතර නව නීති සකස් කිරීම සදහා ක්ෂුද්‍ර මූල්‍ය පනතට අදාළ සංශෝධන ගෙනඒමට සූදානම් බව මංගල සමරවීර අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම වෙනුවෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයට එක්වෙමින් මංගල සමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව දැඩි ණය අර්බුදයකට මුහුණ දී සිටින බව ඔහු එහිදි සඳහන් කළේය.

ඉදිරිපත් කිරීමට නියමිත නව නීති රීති අනුව කටයුතු කිරීමට අපොහොසත් වන ක්ෂුද්‍ර මූල්යන සමාගම්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ද මංගල සමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.