වත්මන් රජය අදූරදර්ශී  පාලනයක නිරත වෙනවා

වත්මන් රජය අදූරදර්ශී  පාලනයක නිරත වෙනවා

July 22, 2018   07:19 pm

 

මහින්ද චින්තන සංවර්ධන ව්‍යාපෘති විදේශිකයන්ට විකුණා වත්මන් රජය අදූරදර්ශී  පාලනයක නිරත වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද නුවරඑළිය ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.


ගමේ ඉතිරිවී ඇති සංස්කෘතිය අපේ කම උදලු තලයෙකන් ගසා අවසානයක් කිරීමට ගම්පෙරළිය පැමිණි බව හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයා විදේශිකයන් පවා මවිත කරවන සංවර්ධන ව්‍යාපෘති රැසක් කෙටි කාලයක් තුලදී සිදුකළ යුතු බවද ඒ මහතා පැවසීය.