ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරන්නේ නෑ 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරන්නේ නෑ 

July 22, 2018   07:07 pm

 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් නොකර අදාළ ගොඩනැගිල්ල පමණක් ඉවත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය වාරයේ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂක ජෙනරාල් තුමිය එරීනා මහත්මිය පැමිණි අවස්ථාවේදී ද මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් ගැටළුව ඇත්තේ ක්‍රීඩා මණ්ඩපයේ පමණක් බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ගාලු ක්‍රීඩාංගණය ඉවත් නොකරන බවත් යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් නොවන බවත් තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව මාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.