සමාජය පිරිහීමෙන් ගොඩ එන්න හොඳම දර්ශනය බෞද්ධ දර්ශනය 

සමාජය පිරිහීමෙන් ගොඩ එන්න හොඳම දර්ශනය බෞද්ධ දර්ශනය 

July 22, 2018   06:51 pm

 

රජය ඇතුළු අනෙකුත් සියලුම ආයතන ආර්ථිකය ගොඩනැගීමට හා භෞතික සම්පත් සංවර්ධනය සඳහා පුළුල් කැපවීමක් සිදු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (22) පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

නමුත් ලෝකයේ තිබෙන ආර්ථික රටාවන් හා විවිධ ආර්ථික ධාරාවක් සමාජ බලවේගයන් ඇතිවීමට නිසා තමාට බොහෝ දේ ලබාගත යුතුය යන මානසික තත්ත්වයක් මිනිසා තුළ ඇතිවීම නිසා සමාජය පිරිසීමට ලක්ව ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එම පිරිහීමෙන් ගොඩ ඒම සඳහා බෞද්ධ දර්ශනය මනා පිටුවහලක් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.