භික්ෂුන් වහන්සේලාට නව නීති කෙටුම්පත් හදලා රජය සංඝභේදය ඇති කිරීමට උත්සහ කරනවා

භික්ෂුන් වහන්සේලාට නව නීති කෙටුම්පත් හදලා රජය සංඝභේදය ඇති කිරීමට උත්සහ කරනවා

July 22, 2018   05:55 pm

 

භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් නව නීති කෙටුම්පත් සම්පාදනය කිරීම තුළින් රජය සංඝභේදය ඇති කිරීමට උත්සාහ දරණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ගිහියන් විසින් භික්ෂුන් වහන්සේ සඳහා නීති පැනවීම සිදු නොකළ යුතු බවයි.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

භික්ෂු  කතිකාවත් පනත සම්බන්ධයෙන් යෝජනා පසුගිය ආණ්ඩුව සමයේද පැවති බවත් නමුත් එය විසඳා ගැනීමට භික්ෂූන් වහන්සේලාට අවස්ථාව ලබාදිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අසීමිත ලෙස බලය යොදා ගනිමින් ඒකාධිපතීත්වයක් කරා යමින් සිටින බවත් හමුදාවට පොලිස් බලය ලබාදී පොලිස් රාජ්‍යක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.