හැටන් නගරයට ආපු පුංචි යාළුවෙක්

හැටන් නගරයට ආපු පුංචි යාළුවෙක්

July 21, 2018   10:07 pm

හැටන් ටෙලිකොම්  ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ සිටියදි අද(21) සවස හඳුන් දිවි පැටවෙකු සොයා ගැනිමට එහි නිලධාරින්ට හැකිවිය.

හැටන් නගරය මධ්‍යයේ පිහිටි මෙම කාර්යාලයේ රථ අංගනය ඉදිරිපිට වැටි සිය දී මෙම හඳුන් දිවි පැටවා සොයාගෙන ඇත.

මාස කිපයක් වු ඉතා කුඩා පැටවෙක් වන අතර එම කාර්යාලය පසු පස වු ලඳු කැලෑවේ වාසය කරනු ඇති බවට අනුමාන කල හැක.

කෙසේ වෙතත් ඊට ආසන්නයේම මව් සතා සිටිය හැකි බවටද ඔවුන් සැක කරති.

දිවි පැටවා සොයා ගැනීම පිළිබඳව හැටන් පොලීසිය දැනුවත් කිරිමට පියවර ගෙන ඇත.

දිවි පැටවා අසනීපයෙන් පසුවන බවට සැක කරන ඔවුන් හැටන් පශූ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කල අතර වනජීවි කාර්යාලය දැනුවත් කර බාරදිමට කටයුතු කරන බව පැවසීය.