ජොදාන් ජාතික තරුණියගේ විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වෙයි - තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්න

ජොදාන් ජාතික තරුණියගේ විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වෙයි - තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්න

July 21, 2018   12:59 pm

 

මෙරට සංචාරයට පැමිණි ජෝර්දාන ජාතික තරුණියක් සතුව තිබූ විදේශ ගමන් බලපත්‍රයක් අස්ථානගතවී තිබේ.

ජොර්දානයේ සිට පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි ජොදාන් ජාතික බයාන් මසේන් අහමඩ් රශීඩ් නැමති තරුණිය සතුව තිබූ විදේශ ගමන් බලපත්‍රය මෙලෙස අස්ථානගත වී තිබේ.

මෙම විදේශ ගමන් බලපත්‍රයේ අංකය P157408 වන අතර ඇගේ උපන් දිනය වශයෙන් 1992 වසරේ ජුනි මස 09 වනදා සටහන් වී ඇති අතර විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කර ඇත්තේ 2018 ජුනි මස 27 වනදා ලෙස සටහන් වී තිබේ.

මෙම විදෙස් ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරක් ඇතොත් 0773402853 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස එම තරුණිය ඉල්ලීමක් කරයි.