කතරගම ඇසළ මංගල්‍යයේ 8 වන දිනය අදයි
July 20, 2018 05:19 pm
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 8 වන දින පෙරහැර අද රාත්‍රී 7.14ට යෙදෙන සුබ මොහොතින් වීථි ආරම්භ කිරීමට නියමිතයි.
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍යය 7 වන පෙරහැර ඊයේ රාත්‍රීයේ වීථී සංචාරය කරනු ලැබුවා.
ඒ අනුව ඊයේ රාත්‍රී 7.27ට යෙදුණු සුබ නැකතින් මහා දේවාලයෙන් ආරම්භ වූ පෙරහැර පිටවීදීය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත පැමිණ නැවතත් මහා දේවාලව වෙත පිවිසීම සිදුවිය.
මේ අතර ඇසළ මංගල්‍යයේ 8 වන දින පෙරහැර අද රාත්‍රී 7.14 ට යෙදෙන සුබ මොහොතින් වීථි ආරම්භ කිරීමට නියමිත බව බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
සුරිඳුනි කතරගම 2018 රුහුණු කතරගම පෙරහැර මංගල්‍යය සඳහා මෙවර නිල මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ටී.වී දෙරණ සහ එෆ්.එම් දෙරණයි.