රජ්‍ය ගෞරව සහිතව ජනපති විසින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පිළිගනී

රජ්‍ය ගෞරව සහිතව ජනපති විසින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පිළිගනී

July 12, 2018   10:26 pm

 

රජ්‍ය ගෞරව සහිතව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල්  Prayut Chan-o-cha මහතා අද (12) කොළඹ, ජනාධිපති ලේකම් පරිශ්‍රයේ දී පිළිගනු ලැබීය.

ත්‍රිවිධ හමුදා ආචාර මධ්‍යයේ පූර්ණ රාජ්‍ය ගෞරව ආචාර තායිලන්ත අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීය.

මේ අවස්ථාවට රජයේ කැබිනට් අමාත්‍යවරු, නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු තායිලන්තය  හා ශ්‍රී ලංකාව නියෝජනය කරන සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.