වෙඩි පහර 50කට පමණ ලක්වී සිටි වන අලියෙකු අල්ලයි

වෙඩි පහර 50කට පමණ ලක්වී සිටි වන අලියෙකු අල්ලයි

July 12, 2018   09:42 pm

 

වෙඩි පහර 50කට පමණ ලක්වී අබාධිතව සිටි ඇස් නොපෙනෙන වන අලියෙකු මොණරාගල, හම්බෙගමුව ප්‍රදේශයේදී උඩවලව වනජීවී නිළධාරීන් විසින් අල්ලා ගනු ලැබූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මොණරාගල, හම්බේගම ජනපදයේ දින කිහිපයක සිට ප්‍රදේශයේ වගා බිම්වලට හා දේපල වලට හානී සිදුකරන වන අලියෙකු උඩවලව වනජීවි කාර්යාලය මඟින් අල්ලා ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

උඩවලව වන ජීවි කාර්යාල හා උඩවලව පශු වෛද්‍ය ඒකකය මඟින් දින 5ක මෙහෙයුමකින් අනතුරුව නිර්වින්ධය කර ඊයේ(11) මෙම වන අලියා අල්ලා ගත් බව අප වාර්තාකරු සඳහන් කළේය.

වන අලියාට ප්‍රතිකාර ලබා දීම සඳහා සිදුකෙරුණු මෙම මෙහෙයුමට වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාද එක්ව සිටියේය.

වන අලියා ප්‍රතිකාර සඳහා හොරොව්පතාන වන අලි රැඳව්ම් මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය අතර මෙම වන අලියාට වෙනම ස්ථානයක් සකස් කර දෙන ලෙස වන ජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම උපදෙස් ලබා දී තිබේ.