දුම්රියේ ගැටී කතක් මරුට

දුම්රියේ ගැටී කතක් මරුට

July 12, 2018   09:05 pm


ලුණුවිල දුම්රිය ස්ථානයට ආසන්නයේදී අද (12) සවස  5.00 ට පමණ දුම්රියේ ගැටී 46 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ ලුණුවිල බණ්ඩිරිප්පුව දුමිරිය මාර්ග රක්ෂිතයේ පදිංචි මුත්තුසාමි ඇන්බර ශ්‍රි නැමැති කාන්තාවක් බව පොලීසිය සඳහන් කළේය.

මියගිය කාන්තාව දුම්රිය මාර්ගයේ ගමන්කරමින් සිටියදී කොළඹ සිට හලාවත දක්වා භාණ්ඩ ප්‍රවාහනය කළ දුම්රියක හැපී ඇති බව වාර්තා වෙයි.

අනතුර සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය පරික්ෂණ පවත්වයි.