දියේ ගිලී එක්දරු පියෙක් අවසන් ගමන් යයි

දියේ ගිලී එක්දරු පියෙක් අවසන් ගමන් යයි

July 12, 2018   08:31 pm

පුත්තලම, වාන වැවේ තම බිරිඳ සහ සිගිති දරුවා සමඟ දිය නෑමට ගිය අයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇති බව පුත්තලම පොලීසිය පවසයි.

අද(12) සවස මෙම අනතුර සිදුවී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

දියේ ගිලීමෙන් මිය ගොස් ඇත්තේ පුත්තලම - නව ජනපදය පාර ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් කාසිම් මොහොමඩ් හස්ෆියාන් නැමති එක් දරු පියෙකි.

ප්‍රදේශවාසීන් විසින් දියේ ගිලී සිටි අයව ගොඩට ගෙන පුත්තලම මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බව පොලීසිය පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර අවසන් කටයුතු සදහා ඥාතීන්ට බාර දීමට කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.