ඒකාබද්ධ පොදු ජන පෙරමුණ නමින් ගොඩනගන පුළුල් සන්ධානයේ නායකයා හිටපු ජනපති

ඒකාබද්ධ පොදු ජන පෙරමුණ නමින් ගොඩනගන පුළුල් සන්ධානයේ නායකයා හිටපු ජනපති

July 12, 2018   06:35 pm

 

ඒකාබද්ධ පොදු ජන පෙරමුණ නමින් ගොඩනගන පුළුල් සන්ධානයේ නායකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පවසයි.

අද (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා බේ බව ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ පොදු ජන පෙරමුණ නමින් පුළුල් සන්ධානයක් ගොඩනැගීමටත් එම සන්ධානය තුළට එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ සියලුම කණ්ඩායම් ඒකරාශී කර ගැනීමටත් තීන්දු කර බව ඒ මහතා ප්‍රකාශ කළේය.

16 දෙනාම මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය ගත් තීන්දුවට සහයෝගය ලබාදෙන බවත් දයාසිරි ජයසේකර මහතා ඇතුළු සියලු දෙනාම සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයේ බව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා ප්‍රකාශ කළේය.