Back to Top

සයුරෙන් එතෙර

 පුරාණ ශිෂ්ටාචාරයකට අයත් පිරමීඩයක් පුරාවිද්‍යා කැණීම් ස්ථානයකින් හමුවෙයි

පුරාණ ශිෂ්ටාචාරයකට අයත් පිරමීඩයක් පුරාවිද්‍යා කැණීම් ස්ථානයකින් හමුවෙයි

July 12, 2018  04:55 pm

Bookmark and Share

පුරාණ ශිෂ්ටාචාරයකට අයත් පිරමීඩයක් මෙක්සිකෝවේ පුරාවිද්‍යා කැණීම් ස්ථානයකින් හමුවී තිබේ

මේ සොයාගැනීමත් සමඟින් මෙක්සිකෝවේ ඉතිහාසය පිළිබඳ තවත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීම හැකි වන බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.

පිරමීඩය පිළිබඳ පළමුවරට අනාවරණය වී ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී සිදු වූ භූ කම්පනයෙන් පසුවයි.

ඒ මොරාලෙස් පළාතේ පුරාවිද්‍යා කැණීම් ස්ථානයක යළි ගොඩනැගීම් කරන අතරතුරදීයි.

කෙසේ නමුත් ඒ පිළිබඳ තොරතුරු මාධ්‍යය මෙතෙක් හෙලිදරව් කර තිබුණේ නැහැ.

පිරමීඩය පිහිටා ඇත්තේ දැඩි සංචාරක ආකර්ෂණක් දිනාගත් එහෙකට් දේවස්ථානයට සමීප ස්ථානයකදීයි.

මෙම පිරමීඩය පුරාණ ට්ලාහුයිකා ශිෂ්ටාචාරයට අයත් බව පැවැසෙයි.

ඇස්ටෙක්වරැන්ට සමීප ඥාතීත්වයක් ඇති ට්ලාහුයිකාවරුන් ජීවත්ව ඇත්තේ මීට වසර දහසකට පමණ පෙරාතුවයි.