රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ ලිඛිත පරීක්ෂණය අද සිට Touch Screen ක්‍රමයට
July 12, 2018 04:36 pm
රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී අයදුම්කරු මුහුණ දෙන ලිඛිත පරීක්ෂණය සඳහා මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පරිගණක ස්පර්ශ තිර (Touch Screen)භාවිතා කරන නව ක්‍රමයක් අද (12) සිට හඳුන්වා දි තිබේ.
මෙතෙක් පැවති පැරණි ක්‍රමය අනුව රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා ලිඛිත පරික්ෂණයට පෙනී සිටි අයදුම්කරුවන් හට සිදු වු අපහසුතාවයන් හා ප්‍රමාදයන් පිළිබඳව මාධ්‍ය මඟින් දිගින් දිගටම කරන ලද හෙලිදරව් වු නිසා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් මත මෙම ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කිරිමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ප්‍රථම අදියර යටතේ රුපියල් මිලියන 39 ක වියදමින් පරිගණක තිර 143ක් සවිකර ඇති අතර වේරහැර කාර්යාලයේදී මෙම පහසුකම් අද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන සේවයට විවෘත කර තිබේ.
එළඹෙන ලබන වසරෙදි(2019) වර්ෂයේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශිය කාර්යාල 24 සඳහාම මෙම පහසුකම් ලබාදීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
නව රියදුරු බලපත්‍ර ලබා ගැනීමට ලිඛිත පරීක්ෂණය සඳහා දිනකට අයදුම්කරුවන් 3000 ක් පමණ කොළඹ ඇතුළුව දිවයින පුරා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ශාඛා කාර්යාල වෙත යොමු වේ.
වේරහැර කාර්යාලය වෙත පමණක් දිනකට 350ක් පමණ අයදුම්කරුවන් ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙහිදී අයදුම්කරුවන් හට ප්‍රමාදවීම්ද, ලිඛිත පරීක්ෂණය පැවැත්වීමේදි විවිධ පරිපාලනමය ගැටළුද මතු වි ඇත. ඒ අනුව නවීන තාක්ෂණයෙන් යුතු මෙම නව ක්‍රමය හඳුන්වාදීමේ දි අයදුම්කරුවන්ට මුහුණුදීමට සිදු වන අපහසුතාවයන් අවම කරලීමට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවට හැකි වන විශ්වාසය පල කරයි.