කුඩු සංස්කෘතිය රටට ගෙනාපු දේශපාලඥයන්ටත් දඬුවම් දෙන්න ඕන

කුඩු සංස්කෘතිය රටට ගෙනාපු දේශපාලඥයන්ටත් දඬුවම් දෙන්න ඕන

July 12, 2018   04:28 pm

 

කුඩු බොන අයට, ප්‍රවාහනය කරන අයට පමණක් නොව මෙම සංස්කෘතිය රටට ගෙන ආ දේශපාලඥයන්ටද දඬුවම් ලබාදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව ප්‍රකාශ කළේය.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හා නොකිරීම සංවාදයක් බවත් එහෙත් ගුවන් තොටුපළේ හා වාරායේ පරීක්ෂා කිරීම් කටයුතු සිදු වන විටත් කුඩු කන්ටේනර් පිටින් ගෙන එන්නේ දේශපාලඥයන්ගේ සහයෝගය ලැබෙන නිසා බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

හැමදාම සිදුවන්නේ දේශපාලඥයන් විසින් කුඩු ගේන දේශපාලඥයින් හා පුද්ගලයින් රාජ්‍ය බලය විසින් ආරක්ෂා කිරීම බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.