දයාසිරිගේ පැනිලි ගැන ෂෙහාන් කියයි
July 12, 2018 04:02 pm
පොලීසියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් රටේ කිසිඳු පුද්ගලයෙකුට සතුටු විය නොහැකි බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
අද (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර වෙනුවෙනුවට පාතාලයේ මාධ්‍ය ප්‍රකාශක තනතුර සිදු කරන ලෙස රජයෙන් උපදෙස් ලබාදී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
පාතාල ක්‍රියාකාරකම් සාධාරණීකරණය කරන්න පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කටයුතු කරන බවද ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
රජයට සම්බන්ධ ඉහළ පෙළේ කණ්ඩායම් විසින් මෙම පාතාලය මෙහෙයවන නිසා ආණ්ඩුවට පාතාලය මර්ධනය කර ගැනීමට නොහැකි වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ කාලයේ දේශපාලනයට පැමිණ අනතුරුව ඇය පහත් ලෙස විවේචනය කළ බවත් අනතුරුව වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ගිය බවද ඒ මහතා පැවසීය.
අනතුරුව නැවත රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පහත් ලෙස විවේචනය කරන ලද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක් වූ බවත් එසේ සිටිමින් එවකට ජනාධිපතිවරණ අපේක්ෂකයාව සිටි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩිව විවේචනය කර අනතුරුව මහ මැතිවරණයෙන් පසු ආණ්ඩුවට එකතු වී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කළ බවද ඒ මහතා පැවසීය.
අනතුරුව නැවතත් මහින්ද රාජපක්ෂ මහතාට එකතු වී මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වත්මන් ආණ්ඩුව විවේචනය කරන බවත් නැවතවරක් යළිත් හිටපු ජනාධිපතිවරයාව විවේචනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.