අතක්-කකුලක් හා හිසක් නැති මළ සිරුරක් නිල්වලා ගඟෙන් හමුවෙයි
July 12, 2018 03:30 pm
හඳුනානොගත් පිරිමි අයෙකුගේ මළ සිරුරක් නිල්වලා ගඟේ අකුරැස්ස තිබිබොටුවාව ප්‍රදේශයේ දී අද (12) දින අකුරැස්ස පොලීසිය විසින් සොයා ගෙන ඇත.
ගඟ දෙසින් හමන දුඟදක් පිළිබඳව සොයා බැලීමේදි තම නිවස ආසන්නයෙන් ගලා බසින නිල්වලා ගඟෙහි මළසිරුරක් ඇති බවට අකුරැස්ස පොලිසියට සිදුකල දැනුම් දිමකට අනුව මෙම මළසිරුර සොයාගෙන ඇතැයි වාර්තා වෙයි.
මළ සිරුර ගොඩට ගෙන ඒම සඳහා අතුරලිය ප්‍රාදේශිය සභාවේ බෝට්ටු ලබා දීමට අතුරලිය ප්‍රාදේශිය සභාවේ සභාපති නිහාල් ද සිල්වා මහතා කටයුතු සිදුකල අතර, ප්‍රාදේශිය සභාවේ සේවක පිරිස් ද ඒ සඳහා සිය සහයෝගය ලබා දි තිබිණ.
අකුරැස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පෙරේරා මහතා ප්රමුඛ පොලිස් නිලධාරින්, අතුරලිය ප්‍රාදේශිය සභාවේ සේවකයින් විසින් මහත් පරිශ්‍රමයකින් මළ සිරුර ගොඩට රැගෙන එන ලදී.
මෙම මළ සිරුරෙහි හිස, වම් අත, දකුණු කකුල නොතිබූ අතර. දකුණු පාදයේ කොටසක් ද හානි සිදුව තිබුණි.
අධිකරණ මරණ පරීක්ෂණය සඳහා සිරුර මාතර මහරෝහල වෙත පිටත්කර හරින ලදී.
අකුරැස්ස සහකාර පොලිස් අධිකාරි එම්.ඞී.ඩි.සේනානායක මහතාගේ උපදෙස් මත අකුරැස්ස පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන්, අපරාධ අංශයේ නියෝජ්‍ය ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලලිත්, ආධුනික උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, සැරයන් 24187 (ජිනදාස), කොස්තාපල් 39934 (නයනජිත්) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.